මෙවර ICC 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ඉතාමත් තීරණාත්මක තරගයක් අද (20) ඕස්ට්‍රේලියාවේ ජිලොන්ග්හි දී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතර අද තරගය පැවැත්වේ.
මේ වන විට පළමු වටයේ A කාණ්ඩය යටතේ පෙරමුණ ලබගෙන සිටින්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.එම සටහනේ දෙවන ස්ථානය නැමීබියා කණ්ඩායම හිමි කරගෙන ඇති අතර තෙවන ස්ථානයේ මේ වන විට ශ්‍රී ලංකාව පසු වෙයි.
ඒ අනුව සුපිරි 12 දෙනාගේ තරගවටය සදහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට මෙම තරගය ජය ගැනීම අනිවාර්යය වේ.තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.30 ට ය.
කෙසේ නමුත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුටම අබාධවලට ලක් වීම හේතුවෙන් මෙවර ලෝක කුසලාන තරගය අහිමි වී ඇත.ඒ අතරට ඩිල්ෂාන් මධුසංක, දුෂ්මන්ත චමීර මෙන්ම ධනිෂ්ක ගුණතිලකද ඇතුලත් වේ.
ඒ අනුව ඔවුන් වෙනුවට කසුන් රාජිත, බිනුර ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා සංචිතයට කැදවා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර ඇත.