පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් රටේ ඉතිහාසය වනසයි. (වීඩියෝ)

ශ්‍රී ලංකාව යනු ශතවර්ෂ ගණනාවක් පුරා විහිදී යන ශ්‍රේෂ්ඨ ඉතිහාසයකට හිමිකම් කියන දේශයකි.වර්ශ දහස් ගණනාවක් අතීතයට තිවෙන වටිනා පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර රාශියකින් යුක්ත ශ්‍රී ලංකාවේ එම සම්පත් කොල්ල කෑම සඳහා බොහෝ දෙනා දෑස් දල්වා බලා සිටියි.

එපමණක් නොව රටේ දේ ආරක්ෂා කිරීමට නොදන්නා විනාශකාරී නූගතුන් විසින් නිධන් ලබා ගැනීම සඳහා ද මෙම පුරාවිද්‍යා මූලාශ්‍ර විනාශ කරනු ලබයි.ඊයෙ (14) අලුයම කාලයේදී ද එවැනි විනාශකාරී ක්‍රියාවක් සිදු කර කුණ්ඩසාලේ ,උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ “සඳගල” නම පුරාවිද්‍යා ස්මාරකය සොරකම් කර තිබේි.

කුණ්ඩසාලේ නරේන්ද්‍රසිංහ පුරය වශයෙන් අතීතයේ සිට හැඳින්වූ කුණ්ඩසාල මැතිවරණ කොට්ඨාසයයේ පල්ලෙකැලේ පොලිස් වසමේ පිහිටි “‌ෙඵතිහාසික නරේන්ද්‍රසිංහ පුරයේ නරේන්ද්‍රසිංහ රජමහා විහාර පරිශ්‍රයට ආසන්නව ‌ෙඑතිහාසික පුරාවිද්‍යා වටිනාකමක් සහිත භුමියක (පුරාවිද්‍යා දෙපාර්තමේන්තු විසින් නම් කරන ලද) පිහිටා තිබූ ‌ෙඑතිහාසික සඳගල පුරා වස්තුව බැකෝ යන්ත්‍රයක් යොදාගෙන මෙසේ සොරකම් කර තිබේ.

මෙම පුරාවිද්‍යා ස්මාරකය බරින් 1,000ක් පමණ වන අතර මෙය සොරකම් කිරීමට එතරම් පහසු නොවන බව ඕනම අයෙක්ට තේරෙන සරල කරුණකි.මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරනු ලබන්නේ පුරාවිද්‍යා නිලධාරීන්ට ය.

පුරාවිද්‍යා නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ රාජකාරිය නිසි ලෙස සිදු නොකිරීම හේතුවෙන් මෙසේ මෙවැනි විනාශයක් සිදුව තිබේ.රටේ පුරාවිද්‍යා විනාශයන් කොපමණ සිදුව තිබේද.නමුත් තවමත් අදාල බලධාරීන්ගේ නෙත් නිසි ලෙස ඒවාට යොමුව නොමැති හැඩයි.

මෙම සඳගල ස්මාරකය සිංහල රාජවංශයේ අවසන් සිංහල රජු වශයෙන් ප්‍රකට ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ රජ මාළිගය පිහිටියේ යැයි සඳහන් වන්නේ කුණ්ඩසාලේ ,උඩමළුව පුරාවිද්‍යා රක්ෂිතයේ ය.

කෙසේ නමුත් මෙම පුරාවිද්‍යා බිම ආරක්ෂා කිරීමට පුරාවිද්‍යා ආරක්ෂක නිලධාරින් මෙන්ම මහමග පොලිස් යතුරුපැදි ආරක්ෂක භටයින් ද සිටිය ද මෙය සොරකම් කළේ කවුරුදැයි හෝ රැගෙන ගියේ කොහේට දැයි පොලිසියවත් නොදනියි.

මෑත යුගය හා බලන විට වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂක යටතේම රටේ සියලුම ස්ථානයන් වල ඉතිහාසය විනාශවෙමින් පවතී. ලොව පැරණිම දේවල් පවා වැනසෙන්නේ මොහුගේ යටතේය. ඒ අනුව මේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සිදුකරන්නේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය වනසන විදේශීය කුමන්ත්‍රණයක්ද යන්න සැකය මේ වන විටත් දේශ හිතයිසි ජනතාව සැක පහල කරයි.

Exit mobile version