සිංහ මුහුණ සහිත වෙලදසැලක් මිහින්තලාවටත්.

මෙරට දෙස් විදෙස් සංචාරක ආකර්ෂණ දිනා ඇති මෙන්ම මෙරට තුළ බුදු දහම ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය වූ ඓතිහාසික මිහින්තලය පුදබිම ආසන්නයේ මත්පැන් හලක් විවෘත කිරීමට රජය විසින් පියවර ගෙන ඇති බව වාර්තාවේ.

එම තීරණය ගැනීමට විරෝධය පළ කරමින් මිහින්තලේ අවට ජනතාව විසින් අද (10) උදෑසන මහා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වී තිබේ.

මිහින්තලා පුදබිම අශ්‍රිතව නගරයේ බුදු දහම ආරම්භ වූ දා සිට මේ දක්වා මස් කඩ හෝ තැබෑරුම් නොතිබූ බවත් යම් යම් මෝඩ මත දරන්නන් විසින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යැයි පවසමින්  මිහින්තලාවට මේන්ම සම්බුද්ධ ශාසනයට හිතාමතාම  සිදු කරන මෙම විනාශය එම ජනතාව දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව ප්‍රකාශකොට තිබේ.

Exit mobile version