සිකුරාදා දින නිවාඩුව අහිමි රාජ්‍ය ආයතන!

මේ සතියේ සිට රාජ්‍ය අංශයේ සේවකයන්ට සිකුරාදා දින නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ඊට අදාළ යෝජනාව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් සභා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ජලය, විදුලිය, සෞඛ්‍ය, ආරක්‍ෂක, අධ්‍යාපන, ප්‍රවාහන, වරාය සහ ගුවන් සේවා වැනි අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතන හැර අනෙකුත් සියලුම රාජ්‍ය ආයතන සිකුරාදා දිනවල ඉදිරි මාස 03 සඳහා වසා දැමීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

Exit mobile version