සිඟමන් යැදි මත් ව්‍යාපාරිකයා

සිඟමන් යැදීමෙන් උපයා ගන්නා ලද මුදලින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය විසින් ඊයේ (26) මෙම වැටළීම සිදුකර ඇත්තේ කිරුළපන ප්‍රදේශයේ පුද්ගලයෙකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරක් මතය.

අදාළ වැටළීමේ දී මෙම පුද්ගලයා සතුව තිබී පොලිසිය විසින්  අයිස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බව වාර්තා වේ.

අනතුරුව නිවසේ තිබී හමු වූ මුදල් සම්බන්ධයෙන් කරන ලද ප්‍රශ්න කිරීමේ දී සැකකරුගේ සහෝදරිය සඳහන් කළේ එම මුදල් සිඟමන් යැදීමෙන් උපයාගත් මුදල් බවයි.

Exit mobile version