සිතුල්පවුව මංගල සෑය නිධන් හොරු කල්ලියක් බිඳ දමයි

සිතුල්පවුවට අයත් පරිවාර දාගැබක් ලෙස හැඳින්වෙන මගුල් මහා සෑය නිධන් හොරුන් විසින් බිඳ දමා ඇති බවට වාර්තා වෙයි.

කාවන්තිස්ස රජු විසින් සිතුල්පව්ව ප්‍රධාන ස්ථූපය ඉදිකර ඇති බවත් සෙසු පරිවාර ස්ථූපයන් වසබ රජ දවස ඉදිකර ඇති බවත් සැලකේ.

මෙම දාගැබ කඩා එහි තැන්පත් කර තිබූ පූජා වස්තු සොරකම් කිරීමට පස්දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් උත්සහ කර ඇති අතර එහිදී එක් අයෙක් හමුදා නිලධාරීන් විසින් අල්ලාගෙන පොලිසිටය භාරදී ඇති බවත් සිද්ධියට සම්බන්ධ ජිප් රථ රියදුරෙක් ද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියට සම්බන්ධ ඉතිරි සිව්දෙනා පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Exit mobile version