තම රට වැසියන්ට දින 11ක කාලයක් සිනහවීම තහනම් කළ රටක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තා කරන ලදී.
ඒ උතුරු කොරියාව වන අතර එම රට පාලනය වනු ලබන්නේ කිම් ජෝන් අන් විසිනි.
කිම් ජෝන් අන් විසින් සිය පියාගේ ගුණානුස්මරණය සැමරීම උදෙසා මෙලෙස දින 11ක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඒ අනුව මෙම ශෝක කාලය දෙසැම්බර් මස 17 වනදා සිට ප්‍රකාශයට පත්කර ඇත.
එමෙන් ම මෙම කාලය අතරතුරදී එරට වැසියන්ට මත්පැන් පානය, සාප්පු සවාරි වල යෙදීම මෙන්ම විනෝදාස්වාදය සපයන කිසිදු කටයුත්තක නිරතවිමේ හැකියාවක්ද නොමැති බව වාර්තා වේ.