සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලාල්චන්ද් රාජ්පුත්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
අද (10) අලුයම සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායම මෙරටට පැමිණෙන ලද්දේ ශ්රී ලංකා පිල සමග පැවැත්වීමට නියමිත එක්දින ක්රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමටය.
ඔවුන් මෙරටට පැමිණි පසු සිදු කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේ දී මෙලෙස සිම්බාබ්වේ ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත.
ඒ අනුව මේ වන විට ඔහුව නිරෝධායන කටයුතු සඳහා යොමුකර ඇත.