සියනෑ අධ්‍යාපන පීඨයේ කසිප්පු පෙරලා

ගම්පහ මූලස්ථානයට ලද තොරතුරක් මත වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨ පරිශ්‍රයේ පිරිමි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ පිහිටි ගබඩා කාමරයේ සහ සේවක නේවාසිකාගාරය තුළ පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා ඊයේ (11) පස්වරුවේ ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

මෙම සැකකරු සියනෑ අධ්‍යාපන විද්‍යාපීඨයේ ජලනල කාර්මිකයෙකු වන අතර ඔහුගේ බිරිද සියනෑ ගුරු අභ්‍යාස විද්‍යාපීඨයේ සුළු සේවිකාවක් බවත් , ඇය මෙම විද්‍යාපීඨයට අයත් වෙනත් නේවාසිකාගාරයක නේවාසිකව සිටින අයෙක් බවත් සදහන්.

මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය සේවක නේවාසිකාගාරය ද පීඨාධිපතිවරයාගේ නිල නිවස ආසන්නයේ පිහිටා තිබූ බව වාර්තා වේ.

මෙම වැටලීම සිදු කළ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සතුව තිබී කන්සා ග්‍රෑම් 2 ක් සොයා ගෙන ඇති අතර ඔහු ද අත්අඩංගුවට ගෙන තිබේ.එමෙන්ම සිදු කළ වැටලීමේදී ගෝඩා මිලි ලීටර් ලක්ෂ නවයක් ,මිලි ලීටර් 750 බැගින් වූ කසිප්පු බෝතල් පහක් , පෙරීම සදහා යොදා ගන්නා උපකරණ කිහිපයක් ද පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.

එමෙන්ම මෙම පීඨය තුළ කසිප්පු නිෂ්පාදනයට අමතරව එම කසිප්පු භාවිතා කර ගල් අරක්කු වලට සමාන අරක්කු වර්ගයක් ද නිෂ්පාදනය කර ඇති අතර අවුරුදු සමයේ මේවා අලෙවි කිරීමට සැලසුම් යොදා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Exit mobile version