සියලුම දුරකථන සහ රූපවාහිනී ගාස්තු ඉහළට.

දුරකථන සමාගම් විසින් සියලුම ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු, බ්‍රෝඩ්බෑන්ඩ් ගාස්තු, මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇත.

එළඹෙන 05 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තු ඉහළ දැමීම විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ සිදු කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

 මේ අනුව වාර්තා වන්නේ ජංගම සහ ස්ථාවර දුරකථන සේවා ගාස්තු සහ බ්‍රෝඩ් බෑන්ඩ් ගාස්තු 20%කින් ඉහළ දැමීමට නියමිත අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු 25%කින් ඉහළ දැමීමට නියමිත බවත් ය.

Exit mobile version