සියලුම රාජ්‍ය සේවකයන් සදුදා සිට සාමාන්‍ය ලෙස රාජකාරියට වාර්තා කල යුතුය.

ලබන සදුදා එනම්, අගෝස්තු මස 2 වනදා (සදුදා) සිට සියලුම රාජ්‍ය සේවකයන් රාජකාරියට වාර්තා කල යුතු බව ජනාධිපති මාධ්‍ය ඒකකය අද නිකුත් කල මාධ්‍ය නිවේදනයක දැක්වේ. මාධ්‍ය  නිවේධනය මෙහි ඇති අතර, කොවිඩ් 19 වැලැක්වීම සදහා මීට පෙර නිකුත් කර තිබූ සියලුම චක්‍ර ලේඛ අවලංගු කරන බවද වැඩි දුරටත් සදහන් වේ.

Exit mobile version