අවුරුදු 14 ක පුංචි පුතෙක් වාණිජ අංශයෙන්ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලට ඇතුළු වීමට සුදුසුකම් ලබා ඇති පුවතක් වාර්තා විය.දෙව්ම් ගුරුකුල වන මේ පුංචි පුතු පළමු වන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා ගුරුකුල විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ඇති අතර එතැන් සිට අද දක්වාම කඩවත මාවරමංඩිය නැණමල් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇත.
දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමල් පුතු වන මොහුගේ මව්පියන්ද ගුරුවරුය.8 වන ශේනියේදී අ.පො.ස සාමාන්‍ය පෙළ ලියා 9 වන ශේණියේදී උසස්පෙළ විභාගයට පෙනී සිට B සාමාර්ථ තුනක් ලබාගැනීමට සමත් විය.
මේ ලැබු ජයග්‍රහණය අගයකරමින් විද්‍යාලයේ සියලු දෙනා එක්ව රිය පෙරහැරකින් ඔහුව පිළිගැනීමට විශේෂ උත්සවයක් අද( 05)විද්‍යාල භූමියේදී පැවැත්වුණි.