මාතර දිස්ත්රික්කයේ පස්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ බෙංගමුව දකුණ ග්රාම නිළධාරි වසමේ පුංචි මහහේන ප්රදේශයේ පිහිටි කන්දක, දැනට මාසයක පමණ කාලයක සිට නාය යෑමේ ලක්ෂණ මතුවෙමින් පවතින බව ප්රදේශයේ ජනතාව පවසයි.
පුංචිමහහේන ප්රදේශයේ ඉඩම් වල තැනින් තැන පොළව ඉරි තලා ඇති අතර එක් නිවසක කොටසක් අඟල් හයක් පමණ පොළව යටට ගිලා බැස ඇත. නිවස ගිලා බැස ඇති ස්ථානයේ අඩි හයකට වඩා ගැඹුරට පොළව හෑරි ඇති බවට ප්රදේශයේ පදිංචි කරුවන් පවසති .නිවසද තැනින් තැන ඉරි තැලීම් වලට ලක්ව ඇතග
පොළව ඉරි තලා ඇති ප්රදේශයේ නිවාස හතරක් පිහිටා ඇති අතර ඔවුන් මේ වන විට ඉවත්ව සිටිති. දැනට මාසයක පමණ කාලයක සිට ක්රමක් ක්රමයෙන් පොළවේ තිබූ පැලීම් වැඩි වන බවත් මේ නිසා ප්රදේශයේ ග්රාම නිළධාරි වරයා
දැනුවත් කළ බවත්, පසුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ප්රාදේශීය ලේකම් තුමිය දැනුවත් කිරීමෙන් පසු ග්රාම නිළධාරිවරයා හා ආපදා නිළධාරිවරයා පැමිණ පරික්ෂා කර වැසි කාලයට නිවාස වලින් ඉවත්ව සිටින ලෙසට පවසා ගිය බවට ප්රදේශවාසීන් පවසති.
පොළව ඉරි තලා ඇති කන්දට ඉහළින් විශාල නිවාස ප්රමාණයක් පිහිටා ඇති අතර පහළ කොටස නාය යෑමට ලක්වුවහොත් ඉහළ පදිංචි කරුවන්ටද එය බලපෑමක් වනු ඇති බවට පදිංචි කරුවන් කියා සිටිති.
ප්රදේශයේ පදිංචි කරුවන් කියා සිටින්නේ පුංචි මහහේන ප්රදේශයේ කන්ද නාය
යෑමක් සිදුවේදල එසේ නොමැති නම් පොළව ගිලා බැසීමට හේතුව කුමක්ද යන්න සොයා බලා පරික්ෂණයක් සිදු කර තමන්ගේ බිය ඉවත් කර දෙන ලෙස පදිංචි කරුවන් ඉල්ලා සිටිති. තවද නිවාස පිටුපස කන්ද ආශ්රිතව විශාල ජල පහරවල් දක්නට ඇති අතර ඉවුරු කඩා වැටීම්ද දක්නට ඇත.
මේ පිළිබදව කඩිනමින් පරික්ෂනයක් සිදු කර ප්රදේශයේ පදිංචි කරුවන්ට ඉවත්
විය යුතුද එසේ නොමැති නම් අවදානමක් නැතිද යන්න පැහැදිලි කිරීමක් කරන ලෙසට ප්රදේශයේ පදිංචිකරුවන් රජයෙන් ඉල්ලා සිටිති. පොළව පිලිබදව පරික්ෂනයක් සිදු කරන ලෙස අවස්ථා ගණනාවක් පස්ගොඩ ප්රාදේශීය ලේකම් දැනුවත් කළත් මෙතෙක් මෙම අවදානම් ප්රදේශයේ පදිංචි කරුවන් පිළිබදව කිසිදු සොයා බැලීමක් සිදු නොකළ බවට ප්රදේශවාසීන් චෝදනා කරති.ඇතැම් පදිංචි කරුවන් වෙනත් ප්රදේශවල කුලියට නිවාස ගෙන පදිංචියට ගොස් ඇති අතර ඔවුන්ට කුලිය පවා ගෙවා ගැනීම අසීරු බවට ඔවුන් කියති.