ඉදිරි පැය 48ක කාලය තුළ දී සිය පුරවැසියන්ට වහා යුක්රේනයෙන් ඉවත් විය යුතු බවට අමෙරිකාව ප්‍රකාශ කර ඇත.
ඕනෑම අවස්ථාවක යුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා අවශ්‍ය හමුදා රුසියාව සතුව සිටින බව අමෙරිකාව පෙන්වා දී ඇත.
ආක්‍රමණය ගුවන් ප්‍රහාරයකින් ආරම්භ විය හැකි අතර අනතුරුදායක තත්ත්වය හමුවේ රටින් පිටවීම අසීරු වනු ඇති බව ධවල මන්දිරය ප්‍රකාශ කරන බව වාර්තා වේ.
එමෙන් ම යුක්රේනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ව හමුවීම සඳහා පැමිණි ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන් PCR පරීක්ෂණයකට යොමු වීම ප්‍රතික්ෂේප කර ඇත.
එම පරීක්ෂණය ඔස්සේ තම DNA සොරාගනු ඇති බවට ඇති වූ බිය හමුවේ එසේ එම පරීක්ෂණය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
එම ත්ත්වය හමුවේ යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපතිවරයා පැවති සාකච්ඡාව පවත්වන ලද්දේ විශාල පරතරයක් ඇති මේසයක දෙකෙලවරේ ය.