සිරකරුවන් මිය යාමට සාධාරණයක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක් සකස් කළ බවයි.

වාර්තා වන ආකාරයට එහි කොමසාරිස් නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කර තිබුනේ, මෑත කාලීනව පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් මියයාම ඉහළ යාම සලකා බලා එම පියවර ගත් බවයි.
වසරේ මේ දක්වා කාලය තුළ පමණක් පුද්ගලයින් 20කට අධික සංඛ්‍යාවක් පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගොස් ඇති බවත් ඔහු තවදුරටත් සඳහන් කළේ, ලබන මස 11 වැනිදා ලෝක මානව හිමිකම් දිනයට සමගාමීව එම මාර්ගෝපදේශ එළිදක්වන බවයි.

Exit mobile version