සිරිමාවෝ මහ එතනාගේ දෙමාපියන් සිහි කරන කපටි, වසල, ගෙහෙඩි, හොරු ගස්තරු යන නුවර පංච මහා අතවැසියෝ.

මධුරාපුර බ්‍රාහ්මණ වංශික උභයකුල පාරිශුද්ධ රදල කුලයේ අභිමානවත් නිලමේවරුන් විසින් කන්ද උඩ පස් රටේ රජකරපු රාජසිංහ වඩුගයා අල්ලලා දීලා මහා බිරිතානියේ තුංවැනි ජෝර්ජ් මහ අස්ථාන බණ්ඩාර මහ රාජෝත්තමයානන් වහන්සේගේ සිලෝන් රටේ ආන්ඩුකාර හාමුදුරුවෝ තැම්පත් රොබට් බ්‍රවුන්රිග් මහෝත්තමයානන් වහන්සේ එක්ක හේවිසි, කසහඩ, පංච තූර්‍ය නාද සාදුකාර මාධ්‍යයේ මහේශාක්‍ය උඩරට ගිවිසුම අස්සන් කොරන්ට කලියෙන් අගනුවර වූ කන්ඩි නගරට පල්ලෙහා තිබ්බෙ බෝගම්බර වැව.

මේ වැවට වතුර ආවෙ දුනුමඩලාවෙ තහනම් කැලේ ඉදලා. බෝගම්බර වැවේ බැම්ම තිබ්බෙ කන්ඩි කෝච්චි ස්ටේසම ගාවා. යටම හරිය තමා දැන් මාකට් එක කියන්නෙ. මේ මහා ජලාසෙ මහ ගොඩාරියක් වතුර පුරවලා බොහොම විසාලව තිබ්බා. මේක හදවව්වෙ බලනෙ මාමුඩාවල ඉපදිච්චි කොනප්පු බංඩා උත්තමයා විමලධර්මසූරිය කියාල රජ උනාට පස්සෙන් පහු 1598 හරියෙ වගේ. බංඩා කියන්නෙ ඒකාලෙ කොල්ලා කියන එකටත් පාවිච්චි කොරපු වචනයක්. කොනප්පු කොල්ලා, ටිකිරි කොල්ලා, මද්දුම කොල්ලා වගේ කියන්ට කොනප්පු බංඩා, ටිකිරි බංඩා, මද්දුමා බංඩා කියල තියෙනවා කියල මයෙ කිත්තප්පගෙ පුස්කොල පොතේ තියෙනවා.

උතුම් වූ ඉංගිරිස් ආන්ඩුව කාලෙ දුනුමඩලාව තහනම් කැලේ කපාලා එලිපෙහෙලි කොරලා තේ කෝපි හිටවාගන්ට ඇටිකින්සන් වෝකර් කියන ඉංගිරිස් මහත්තැන්ට උතුම් වූ ඉංගිරිස් ආන්ඩුව අවසර දීලා ඒක ඒ මහත්තැන් වැව්වා. ඒක හින්දා දුනුමඩලාව වාකර්වත්ත බවට පත් උනා.

පස්සෙන් පහු බෝගම්බර වැව ගොඩකරලා උතුම් වූ ඉංගිරිස් ආන්ඩුව එක එක ඉදිකිරීම් කොරන්ට ගත්තෙ කන්ඩි නගරේ දියුණුවත් එක්ක ඉඩ මදිවෙච්චි හින්දා. ඔහොම ගිහිල්ලා 1948 උතුම් වූ ඉංගිරිස් ආන්ඩුව හිට්ලර් මහාධිපාදතුමාගේ සරුවලෝක පූට්ටු යුද්ධය හින්දා සිලෝන් රට අතෑරියා. මේ කාලෙත් බොහොම සරුසාරෙට වගාකොරලා තිබ්බ වාකර්වත්ත කුට්ටිකානු දාලා, අගල් කපලා, කැලෑ කුට්ටි ඉතුරු කොරලා බොහොම අගේට රංපවුම් උපයමින් පවත්වාගෙන ගියපු හින්දා කවදාවත් ගොඩකරපු වැවේ හදපු කෝච්චි ස්ටේසම, මාකට් එක එහෙම යට උනේනෑ. උතුම් වූ ඉංගිරිස් ආන්ඩුව නිකම්ම බෝගම්බර වැව ගොඩ කොරලා නගරෙ හැදුවෙ නෑ දුනුමඩලාව වකර්වත්ත කොරලා තමා නගරෙ හැදුවෙ.

ඒත් කපටි, වසල, ගෙහෙඩි, හොරු, ගස්තරු
යන පංචමහා අතවැසියන් පිරිවරාගෙන 1970 සිලෝන් රටේ බලේට ආපු සිරිමාවෝ බණ්ඩාරනායක මහවලංතැන්නේ මධුරාපුර බ්‍රාහ්මණ වංශික බඩහැල රදල කුලයේ මහ එතනාහාමි වාකර්වත්ත රජයට පවරාගත්තා. පස්සෙන් පහු කැලේට අතහැරපු වාකර්වතෙ කුට්ටිකානු තියා මොකවත් නැතුව මහා වතුර ගලන කදු තැරියක් බවට පත් උනා. දැන් ඉතින් කොච්චර වතුර ආවත් ආපහු වැව හදන්ටයැ, වාකර්කැලේ කුට්ටිකානු කපන්ටයැ, මොන ඉංජිනේරුව ආවත් මේක ගොඩ ගන්ටයැ සිරිමාවෝ මහඑතනගෙ මව්ගුණ සිහිකරමින් අප අතවැසියන් වැහි දවසට වතුරදිහා බලබල (සිරිමගෙ මෝට) හැම (දා) නියං එකදා වැහි වලාවේ” කියකියා ඉන්නහැටි මගෙ පෙම්වතා Kuda Attygalle නිලමේ දැක්කා කියලා මගෙත් එක්ක කිව්වා.

-සිත්තම්මා බේබරූක් මහ දිවුලවැව විසිනි-

Exit mobile version