අපරාධ සෑම සමාජයකම ප්‍රධාන කොටසකි.ඉන් ඇතිවන බලපෑම සමාජයේ සෑම පාර්ශවයකටම කුමන හෝ ආකාරයකින් ස්පර්ශ වේ.මෙහි දී ඇතැම් බලපෑම් කෙටි කාලීන වුවත් තවත් සමහරක් අපරාධයන්ගෙන් සමාජයට එල්ලවන බලපෑම දිගු කාලීන ඒවා හෝ යළි නිවැරදි කළ නොහැකි තරමේ ඒවා විය හැකිය.
යම් අපරාධයක වින්දිතයන් හෝ වින්දිතයන් නොවන පාර්ශවයන්ට එහි බලපෑම විවිධාකාරයෙන් සිදුවන අතර එය ඔවුන්ගේ අවට සිටින පිරිසට පවා පීඩාවක් ගෙන දිය හැක.ශ්‍රී ලංකාවේ පවත්නා නීති රෙගුලාසීන්ට අනුව යම් පුද්ගලයෙක් අපරාධ නඩුවක කොටස්කරුවෙකු වූ සැනින් අදාළ වින්දිතයාගේ රැකියාව අහිමිවේ එපමණක් නොව සමාජය තුළින් පවා ඔහු හෝ ඇය කොන් වනු ඇත.මෙවැනි වටපිටාවක් තුළ වින්දිතයාගේ ආර්ථික දුර්වලතාව ද සමග අදාළ පුද්ගලයා තවදුරටත් සමාජයට වෛර කරමින් අපරාධ ක්‍රියාවලට ගොදුරු විය හැක.
විශේෂයෙන් ගණිකා වෘත්තිය, මත්ද්‍රව්‍ය භාවිතය සහ සූදුව වැනි ඊනියා වින්දිත අපරාධ තුළින් සමාජයට ප්‍රධාන වශයෙන් සෘණාත්මක බලපෑමක් ඇති කරනු ලබයි.මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සේවක ඵලදායීතාවයට බලපාන අතර මත්ද්‍රව්‍ය ප්‍රතිකාර සඳහා වෙනමම වියදම් පිරිවැයක් යෙදීමට සිදු වේ.මෙවැනි කාරුණු කාරණා මත රටේ ආර්ථික තත්ත්වය ද බෙලහීනත්වයට පත්වනු ඇත.
විවිධ මූලාශ්රයන් යොදා ගනිමින් සිදු කරන ලද අපරාධවලට සම්බන්ධ පිරිවැය ඇස්තමේන්තු ගත කකර ඇත.නිදසුනක් වශයෙන් 1993 දී සොරකම් කිරිමේ පිරිවැය එක් එක් වින්දිතයින් සඳහා ඩොලර් 370ක් පමණ වූ අතර මිනීමැරුමක් ඩොලර් මිලියන 2.9කි.ඒ අනුව අධ්‍යයනයන්ගෙන් අනාවරණය වී ඇත්තේ තරුණයෙකු අතින් සිදුවන අපරාධයක් වැළැක්වීම තුළින් ඔහු හෝ ඇය ඉන් ඉවතට ගැනීම තුළින් එක් තරුණයෙකුට ඩොලර් මිලියන 1.5ක තරම් මුදලක් ඉතිරි වන බවයි.
ආර්ථික වශයෙන් සිදුවන බලපෑම මෙසේ ඇස්තමේන්තු කිරීමට හැකියාව ලැබුණ ද එවැනි අපරාධයන් හේතුවෙන් සමාජයට රටේ අනාගතයට වන බලපෑම මෙතෙකැයි කියා ඇස්තමේන්තු කළ නොහැක.රටේ අනාගත පරම්පරාවට වැඩිහිටියන් පරම්පරාවෙන් සමාජයෙන් ගත හැකි ආදර්ශයක් අද වන විට නොමැති තරමට රට දූෂිත වී ඇත.මෙහි එවැනි අපරාධයන් වර්ධනය වෙමින් පවතින අපේම රටේ බන්ධනාගාර තොරතුරු කිහිපයක් මෙසේ දක්වා ඇත.
දිවයිනේ සෑම බන්ධනාගාර ආයතනයකම 2022 වර්ෂයේ ආරම්භයත් සමඟ විවිධ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වන රැඳවියන්ගේ ප්‍රමාණයේ ක්‍රමයෙන් වර්ධනයක් ඇති වී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛණ දත්තයන්ට අනුව පෙනී යයි.
මේ අනුව බන්ධනාගාරගත රැදවියන් අතරින් වැඩි ප්‍රමානයක් සැකකරුවන්ය. සැකකරුවන් 15,000 කට ආසන්න ප්‍රමාණයක් සියළුම බන්ධනාගාර වල රදවා ඇති අතර ඉන් 7500 කට ආසන්න ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය ආශ්‍රිතව චෝදනාවන්ට ලක්වූවන්ය.
දිවයිනේ සමස්ථ බන්ධනාගාර ආයතන තුල සත්‍ය වශයෙන් රැඳවිය හැකි ප්‍රමාණය 13,200 කට ආසන්න ප්‍රමාණයක් වුවත් දැනට බන්ධනාගාර ආයතන වල රැඳවියන් 24,000 කට ආසනන ප්‍රමාණයක් රඳවා ඇත. එය ප්‍රතිශතයක් ලෙස 180% ඉක්මවා ඇති බව පෙනී යයි. ඇතැම් බන්ධනාගාර ආයතන වල 200 %, 300 % ඉක්මවා රැඳවියන් රඳවා ඇත. මේ අනුව බන්ධනාගාර ගත වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇති බව පෙන්වා දිය හැකිය.
මෙම රැදවියන් වෙනුවෙන් 2022 / 2023 වර්ෂය සදහා අහාර සදහා පමණක් රුපියල් බිලියන 4.7 ක මුදලක් රජයට වැය වන බව බන්ධනාගාර සංඛ්‍යාලේඛණ දත්ත අනුව පෙනී යන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන ,පුනරුත්ථාපන, මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක ප්‍රකාශ කර සිටියි .