වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ,කියුබානු තානාපති අන්ඩෘස් මාර්සෙලෝ ගොන්සාලේස් මහතා හමුව ඇති අතර එහිදී දෙරට අතර පවත්නා සබඳතා වැඩිදියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇත.
ඊයේ (05) දිනයේ දී එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවේ දී දෙරට අතර සබඳතා වැඩිදියුණු කරමින් මෙම ගෝලීය ව්‍යවසනය සමග කඩාවැටුනු ආර්ථිකය සංවර්ධනය කරා නැවත ගෙනයාම පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
එසේම මෙම සාකච්ඡාවේ දී සිලෝන් ටී සන්නාමය යටතේ අපනයනය කරන තේ වෙළෙඳපොළ තවදුරටත් වර්ධනය කර ප්‍රචලිත කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ කොකෝවා සහ කෝපි වගාව පිළිබඳ තාක්ෂණ දැනුම දෙරට අතර, හුවමාරු කර ගැනීම සම්බන්ධයෙන් ද වැඩිදුරටත් අවධානය යොමුව ඇති බවයි.