සිවිල් පුරවැසියන්ට පහරදීමට ගුවන් හමුදාවෙන් 200 ක් කොළඹට ගෙන්වයි. (Video)

වර්තමාන පාලනයට විරුද්දව උද්ඝෝෂණ වල නිරතවන සිවිල් පුරවැසියන්ට පහර දීම සදහා ගුවන් හමුදාවේ පුහුණුවීම් ලබන තරුණ පුහුණු භටයන් 200 ක් පමණ කොලබට ගෙන්වා තිබෙන බව නිරෝෂන් පාදුක්ක සදහන් කරයි.

ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහතාගේ උපදේශ මත ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතා විසින් එය ක්‍රියාත්මක කර තිබෙන බවද, එයාර් වයිෂ් මාර්ෂල් ජානක අමරසිංහ මහතාගේ යටතේ කොට කලිසම් අන්දවා එම තරුණ පිරිස ගුවන් හමුදාපති නිල නිවස ආසන්නයේ තිබෙන ගුවන් හමුදා ජිම් එකේ රදවා තිබෙන බවද ඔහු සදහන් කරයි.

කෙසේ වුවත් උද්ඝෝෂණ පවතින විට ත්‍රිවිධ හමුදාවම හදිසි රාජකාරී සදහා යෙදවීමට රදවා තබයි. එසේ වුවත් මෙසේ පොලු අතට දී තිබේ නම් එය ගැටලුකාරී තත්වයක් විය හැකිය. එසේම මෙහි රදවා සිටින්නේ පුහුණුවන්නන් නම් ඔවුන්ට ගිනි අවි ලබාදෙන්නේ ද නැත. එබැවින් අවම බලය යෙදවීම සදහා හමුදාව යෙදවිය හැක්කේ කෙසේද යන්නද අප මීට පෙර සදහන් කර තිබේ. පාර්ලිමේන්තුව අසල සිදුවීමේදී අප එය වාර්තා කර තිබේ. එහෙත් අවම බලය යෙදවීම සදහා හෝ අවශ්‍ය පරිදි යෙදවීමේදී නිසි නිල ඇදුමෙන් යෙදවිය යුතුය.

එසේ රදවා සිටින භට පිරිස් යම් රාජකාරියක් සදහා යොදවන්නේ නම් නිසි නිල ඇදුමෙන් යෙදවීම ගුවන් හමුදාපතිගේ වගකීම වේ. වර්තමානයේ උද්ගතව තිබෙන තත්වය ඉහල පුටුවලට දැනෙන්නට හේතුවක් නැත. ඔවුන්ට පෝලිම් නැත. වාහන , ආහාර ආදී ප්‍රශ්න ඔවුන්ට නැත. එබැවින් සිවිල් ජනතාව සුරැකීම වෙනුවට ඔවුන්ට පහර දී තවත් මිරිහානක් වීම වැළැක්වීම ඔවුන්ගේ වගකීම වේ.

කෙසේ වුවත් ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම දරන්නේද ආරක්ෂක ලේඛම්වරයා වේ. එවිට කුමන අයුරකින් හෝ ඔවුන් ආරක්ෂා කිරීමේ වගකීමද තිබෙන්නේ ආරක්ෂක ලේඛම්වරයා වෙතයි. එබැවින් ඔහු හමුදාව හදිසි රාජකාරි වෙනුවෙන් ස්ථාපනය කල යුතුය. එය පොලු ඇතිව හෝ නැතිව කල යුතු එය බුද්ධිමත්ව කිරීම ක්‍රියාත්මක කරන්නන්ගේ වගකකීම වේ. එබැවින් සියලු වගකිව යුත්තන් ක්‍රියාත්මක විය යුත්තේ ඉතාම පරෙස්සමිනි. මේ වන විට ජාත්‍යන්තරය කතා බහට ලක්ව තිබෙන ප්‍රධාන රටවල් තුනෙන් එකක් වන්නේ ශ්‍රී ලංකාවයි.

මිරිහානේ සිදුවීම සිදු නොවුනේ නම් අදටද මෙතරම් උද්ඝෝෂණ සහ තර්ජනාත්මක හැසිරීම් සිදු නොවීමට ඕනා තරම් ඉඩ ප්‍රෂ්තාව තිබේ.

අද හෝ මතු දිනයක යම් හදුනා නොගත් කණඩායමක් ජනතාවට පොලු වලින් පහර දී තිබුණහොත් එහි වගකීම බාරගැනීමට ගුවන් හමුදාපතිට සිදු වේ.

එබැවින් මේ අවස්ථාවේ තවත් මිරිහාන වැනි සිද්ධියක් ඇති කර නොගෙන, පාර්ලිමේන්තුව අසල විශේෂ බලකා යතුරුපැදි කරුවන් වැනි සිද්දියක් ඇති කර නොගෙන වැදගත් මෙන්ම වගකීමක් ඇතිව රාජකාරී කල යුතුව තිබේ. එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් තව දුරටත් ජාත්‍යන්තරය හමුවේ අපකීර්තියට ලක් වනු ඇත. ජනතාව තව දුරටත් පීඩා විදුනු ඇත. අති ගරු ජනාධිපතිතුමාගේ සිට පහලට සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් බුද්ධිමත්ව කටයුතු කිරීම සියලුම දෙනාගේ වගකීම වේ.

(20+) Watch | Facebook

Exit mobile version