මිල්ල්ලනිය පාසලේ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැර තිබේ.
පසුගියදා මිල්ලනිය -ගුංගමුව කනිෂ්ට විද්‍යාලයේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් සොරකම් කළා යැයි චෝදනා කරමින් සිසුන් කිහිප දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරිය සහ පොලිස් නිලධාරින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සිද්ධියට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (16) කැඳවු අවස්ථාවේදී රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරීමට අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා විසින් නියෝග කර තිබේ.
එසේම අදාළ සිසුන්ට පොලිස් ජීප් රථය තුලදී විදුලිසැර වද්දවා දඬුවම් කර ඇති බවද වාර්තා වේ.
කෙසේ වෙතත් මෙම සිද්ධිය හේතුවෙන් විදුහල්පතිවරියගේ වැඩ තහනම් කර තිබෙන අතර මිල්ලනිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මාරු කර යැවීම සඳහා පොලිස්පතිවරයා කටයුතු කර තිබේ.