සිසුන්ට විශේෂ වට්ටමක්.

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් 30% ක වට්ටමක් යටතේ සියලුම පාසල්වලට අභ්‍යාස පොත් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව වාර්තා වේ .

ඒ අනුව පාසල්වල අභ්‍යාස පොත් අවශ්‍යතාව ලබා ගැනීමට අදාළව චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරන ලදී.

එමෙන්ම රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් කෝටි එකසිය විසි පහක ලාභයක් ලබා තිබෙන බවත් , අවශ්‍ය ප්‍රමාණයට පොත් මුද්‍රණය සඳහා සංස්ථාව සූදානම් බවත් , මේ වන විට සංස්ථාවට කඩදාසි හිඟයක් නොමැති බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී .

Exit mobile version