සිසුන් දෙදෙනෙකු බිලිගත් අම්බලන්ගොඩ මෝය කට

ඊයේ (19) දින අම්බලන්ගොඩ ,මාදම්පා ගගේ මෝය කට ආසන්නයේ දියනෑමට ගිය සිසුන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු අතුරුදන් වූ අතර එක් සිසුවෙකු අසළ සිටි පුද්ගලයෙකු විසින් බේරාගෙන ඇත.

එසේ අතුරුදන් වූ සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුර ඊයේ (19) සවස් වරුවේ සොයාගත් අතර,අනෙක් සිසුවාගේ සිරුර අද (20) උදෑසන නාවික හමුදාව විසින් සොයාගෙන ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ නිව්යෝර්ක් ගම්මානය, තල්ගස්ගොඩ, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි 16 හැවිරිදි වැල්ලගේ විශ්ව ලක්ෂාන්  සහ 10 A ,පටබැදිමුල්ල, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචිව සිටි 14 හැවිරිදි බිංදුගේ අවිශ්ක කුමාර යන සිසුන් දෙදෙනා යි.

දිවිගලවා ගැනීමට සමත් වී ඇත්තේ තිලකපුර, අම්බලන්ගොඩ ලිපිනයේ පදිංචි 15 හැවිරිදි අන්ද්‍රයලාගේ මලිදු නමැති සිසුවා යි.

එසේම මියගිය සිසුන් දෙදෙනාගේ හදිසි මරණ පරීක්ෂණය මාදම්පාගම හදිසි මරණ පරීක්ෂක කේ.වගආරච්චි මහත්මිය විසින් සහ පශ්චාත් මරණ පරීක්ෂණය බලපිටිය මුලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ජී.ඩබ්ලිව්.එන්.අයි.එස්.ප්‍රනාන්දු මහත්මිය විසින් බලපිටිය මුලික රෝහලේදී අද(20) දින සිදු කරයි.

Exit mobile version