අද (22) පස්වරුවේ කුලියාපිටිය කිරිමැටියාව ප්රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් එකට ගැටී දස හැවිරිදි පාසල් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මියගිය දැරිය සමග පාපැදියේ පිටුපස ගමන් කළ දැරිය පවසා ඇත්තේ ඉදිරියෙන් ආ යතුරුපැදිය වෙට්ටු දමමින් පැමිණි බවත් එම නිසා තමා පාපැදියෙන් ඉවතට පැන ගත් බවත් ය.ඒ අනුව පාපැදියෙන් ඉවතට පැනීම නිසා ඇයගේ ජීවිතය ආරක්ශා කර ගැනීමට ඇයට හැකි වී ඇත.
එසේම ඒ සමඟම යතුරුපැදිය පාපැදිය මතින් ධාවනය වූ බවද ඇය ප්රකාශ කර ඇත.