වැලිමඩ අධ්‍යාපන කලාපයට අයත් කැප්පෙට්ටිපොල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකුගේ සේවය අත්හිටුවා පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඌව පළාත් සභාවේ අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබෙන බවට වාර්තා වේ.
වට්ස්ඇප් ඔස්සේ සිය පාසලේ සිසුවියන් කිහිප දෙනෙකුට අයුතු යෝජනා සිදු කල බවට මීට පෙරද විදුහල්පතිතුමාට චෝදනා එල්ල වී තිබේ.මේ බව තහවුරු කර ගැනීම සදහා එම පාසලේම සිසුවෙකු සිසුවියක ආකාරයෙන් වට්ස්ඇප් හරහා විදුහල්පති සමග අදහස් හුවමාරුවක යෙදී තිබේ.
මෙහිදී අදාල විදුහල්පතිවරයා විසින් සිසුවියක් යැයි රැවටී එම සිසුවාට වට්ස්ඇප් ඔස්සේ තම ලිංගික අවයව ඡායාරූප ගත කර යවා ඇති බවට වාර්තා වේ.තවද නිවාඩු දිනයකදී සිය කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා ඇති බවද සදහන් වේ.
මෙම සිසුවා විසින් විදුහල්පති රවටා සියලු තොරතුරු අනාවරණය කරගත් පසු පාසලේ ගුරුවරුන් හා ආදී සිසුන්ට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් පැමිණ විදුහල්පතිවරයා පාසලෙන් එලවා දැමීමට උත්සාහ දරා ඇති අතර මෙහිදී ඇතිවූ උණුසුම් තත්වය පාලනය කිරීමට පොලීසියට මැදිහත් වීමට සිදුව ඇති බවට වාර්තා වේ.