මඩිතියවල ප්රාථමික විදුහල අසලදී පාර මාරු වෙමින් සිටි අට හැවිරිදි පාසල් සිසුවියක හප්පා යතුරුපැදිකරු පළාගොස් ඇතැයි පොලීසිය කියයි.
මවක සිය දියණිය යතුරුපැදියකින් කැඳවාගෙන අද(21) උදේ පැමිණ පාසලට විරුද්ධ පැත්තේ පාර අයිනේ නවතා දියණිය පාසලට පිටත් කර හැර ඇතැයි ද ඒ අවස්ථාවේ දී පාර මාරුවෙමින් සිටි දියණිය පාරේ ගමන් කළ යතුරු පැදියක ගැටී තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කර ඇති බව සදහන්.
තුවාල ලැබූ පාසල් සිසුවිය වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට නියමිතව තිබූ බවත් පළා ගිය යතුරුපැදිකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් කොටදෙනියාව පොලිසිය පවසයි.