සබරගමුව සරසවියේ ශිෂ්‍යයෙක් නේවාසිකාගාරය තුළ මියගිය පුවතක් වාර්තා වෙයි.
වයස අවුරුදු 25ක් වන බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි සිසුවෙක් මෙසේ ඊයේ (21) අලුයම නේවාසිකාගාරය තුළම මියගොස් සිට ඇත.
ඔහු සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාපීඨයේ අවසන් වසර ඉගෙනුම ලබමින් සිටි අයෙකි.
සබරගමුව විශ්ව විද්‍යාලයට අයත් සිංහරාජ නේවාසිකාගාරයේ දී හර්ෂ ධනංජය නමැති මෙම සිසුවා මියගොස් ඇති අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ නමුත් සරසවි සිසුවෙක් මෙසේ නේවාසිකාගාරය තුළ දී මියගොස් ඇත්තේ කෙසේද යන්න පිළිබඳව විශේෂයෙන් සොයාබැලිය යුතු කරුණක්ව ඇත.