කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයෙහි බෝම්බයක් ඇති බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් 14 හැවිරිදි බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අවවාද කර මුදාහැර තිබෙන බවට වාර්තා වේ.
මෙම සිසුවා ඊයේ(25) ජංගම දුරකථනයකින් ගුවන්තොටුපළ හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ලබා දෙමින් භාණ්ඩ ප්‍රවාහන පර්‍යන්තයේ බෝම්බයක් තිබෙන බවට ප්‍රකාශ කර ඇති අතර ඒ සමගම ආරක්ෂක අංශ කඩිනමින් එම ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබේ.
සුලු වේලාවකින් නැවත එම සිසුවා දුරකථන ඇමතුමක් ලබා දෙමින් තමා විහිළුවක් කල බවට ප්‍රකාශ කර තිබේ.ඒ අනුව පොලිසිය විසින් සිසුවා කැදවා ඔහු සිදුකල ක්‍රියාවේ බරපතලකම වටහා දී තිබේ.