ඊයේ (10) පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතරතුර ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ තමා එවකට වෙළඳ ඇමතිව සිටි කාලයේ දී සීනි බද්ද සත 25 ට අඩු කළ බව තමා දැනගනු ලැබුවේ අභයාරාම පන්සලේ සිටියදී ප්රවෘත්ති විකාශයකින් බවයි.
එමෙන්ම අමාත්‍යවරයෙකුට තමන්ගේ ස්වාධිපත්‍යය බලය මත ඕනෑම දෙයක් සිදු කිරීමට නොහැකි බව ප්‍රකාශ කළ බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙහි නිලධාරී කතිපයාධිකාරියක් සිටින බව පාර්ලිමේන්තුව තේරුම්ගත යුතු බවයි.
කෙසේ වෙතත් මේ දිනවල පසුගිය ආණ්ඩුවල අමාත්‍යධූර දැරූ කිහිපදෙනෙකුම මෙවැනි ප්‍රකාශ ඉදිරිපත් කර තිබීම දක්නට ලැබුණි.