රුපියල් ලක්ෂ 12කට අධික වටිනාකමින් යුතු රන්කාසි සොරාගත් බව කියන වාහන සීසර් වරයකු ගම්පොල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගම්පොල පොලිස් වසමේ ව්‍යාපාරිකයකු සතුව තිබූ වෑන් රථයක් ලීසිං වාරික නොගෙවූ නිසා මෙම සීසර් වරයා පැහැරගෙන ගොස් තිබේ. එම අවස්ථාවේ එම වෑන් රථයේ තිබූ රන් කාසි සීසර්වරයා විසින් සොරකම් කර ඇති බව ව්‍යාපාරිකයා පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කිරීමෙන් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වන අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ ආකාරයෙන් වාහන ඉස්සිමට නොහැකි බවට අප මීට පෙරද පෙන්වා දී තිබේ. අප එසේ පලකල පුවතකට අයත් ජයාරුපයක් මෙම පුවත වෙනුවෙන් යොදා තිබේ.