සී නෝර් පදනමේ දැවැන්ත දූෂණයක්. පිස්සු කෙලින පොඩි මුදියන්සේ.

Cer-Nor පදනම ශ්‍රී ලංකාවේ fiber glass කර්මාන්තයේ පුරෝගාමියා ලෙස නෝවේජියානු රජයේ ආධාර යටතේ ස්ථාපනය කරන ලද්දකි. මහා  භාණ්ඩාගාරය යටතේ පාලනය වන මෙය ධීවර අමාත්‍යාංශය විසින් නියාමනය වේ. විශාල ඉතිහාසයක් ඇති මෙම ආයතනය ධීවර ජනතාවට ඉතා විශාල මෙහෙවරක් ඉටු කරන ලද්දකි. කෙසේ නමුත් වසර ගණනාවක් මුළුල්ලේ  බෝට්ටුවක ඉස්සරහ පස්ස නොදන්නා අයගේ පරිපාලනය හේතුවෙන් අද වනවිට ඉතාමත් කණගාටුදායක  තත්ත්වයකට මුහුණ දී සිටීයි. පිස්සු කෙළින ලද සාමාන්‍ය අධිකාරිවරයකු නිසා මිලියන 26 ක මුදලක් වියදම් කර නිපදවන ලද අඩි 55 ක බහුදින යාත්‍රාවක් දැවී අළු වී ගියේය. එම  මිලියන 26 යෙන් මිලියන 13 ක් ම රජයේ ආධාර යටතේ ලැබුණු නමුත් සාමාන්‍ය අධිකාරි වරයා විසින් ධීවර දෙපාර්තමේන්තුවේද  උදව් ඇතිව මිලියන 26 ම අයිතිකරුට ලබා දුන්නේ රජය විසින් ලබා දෙනු ලැබූ මිලියන 13ක් ආධාර මුදල ද අයිතිකරුට අයිති වන පරිද්දෙනි.ඉන් පසු ධීවර ජනතාව සී නෝර් ආයතනයෙන් ඈත් විය .

අද වන විට ආයතනයේ  බැංකු අයිරාව මිලියන 21කි. සභාපතිවරයා පොඩිමුදියන්සේ නම් නාඩගම්කාරයෙකි. ආචාර්ය පට්ටමක් ද හිමි යැයි කියාගන්නා මෙම නාඩකම්කාරයා දැන් පිස්සු කෙළින්නේ ගංගාරාම පන්සලේ අනුභාවයෙනි. වැස්සට තෙමෙන හරක් මඩුවක් වන් ප්‍රධාන  කාර්යාලයට වීදුරු දොරවල් දමමින් තිරරෙදි කාපට් එළමින් පිස්සු කෙලින මොහු රට යන්නේ ද මෙම ආයතනය අනුග්‍රහයෙනි.

 ජීවිතයට යාත්‍රාවක් දැක නැති මොහුවන්නන් නිසා මෙම රටට නම් ගොඩ ඒමක් නොමැත. අමාත්‍යවරයාද  ලේකම්වරිය ද උඩ බලාගෙන සිටිති.

ලෝක ආහාර අරමුදලේ ආධාර මත පසු අස්වනු තාක්ෂණ වැඩිදියුණු කිරීම සඳහා NERD හා NARA ආයතන එක්ව ලක්ෂ  තිස්ගනනක්  වැය කර නවීකරණය කරන ලද යාත්‍රාවක් හෙට එනම් ජනවාරි තුන්වන දින දික්ඕවිට දියත් කරන්නේ අගමැතිගෙ ප්‍රධානත්වයෙන් විශාල මුදලක් වියදම් කරමින්ය.මෙය සාර්ථක ද අසාර්ථක ද යන්නවත් නොදැනය. මෙම ව්‍යාපෘතියෙන්ද  NARA ආයතනය හා එක්ව සිදුකරන අක්‍රමිකතා පිළිබඳව NARA සේවකයන් ද දනිති.

කන්න බොන්න නොමැතිව අත ලෙව කන අත ලෙව කන මිනිසුන් සිටින, කොච්චර මුදල් වියදම් කරන්න එපා කිව්වත් ඒ සඳහා කොච්චර චක්‍රලේඛන ඉදිරිපත් කරත් වත්මන් සභාපතිවරයා වන පොඩි මුදියන්සේ calader හා දිනපොත් මුද්‍රණය කර ඇත්තේ ද මිලියන 21ක බැංකු අයිරාවක් ඇති Cer-Nor පදනමේ අනුග්‍රහයෙනි. මේවා කාට කියන්න දැයි සේවකයන් වික්ෂිප්තව බලා සිටිති .

සී නෝර් හා නාරා සේවකයන් .

Exit mobile version