සුජාතාවේ බාලිකාවියන් 40ක් හදිසියේම රෝහල්ගත කරයි

අද (15) උදෑසන ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මාතලේ සුජාතා බාලිකා විද්‍යාලයේ සිසුවියන් 40 දෙනෙකු පමණ මාතලේ මහ රෝහලට ඇතුළත් කර තිබේ.

එමෙන්ම මාතලේ රෝහලේ, රෝහල් ප්‍රකාශකයෙකු ප්‍රකාශ කර තිබෙන පරිදි මෙම සිසුවියන් හට උණ ,වමනය සහ හිසරදය වැනි රෝග ලක්ෂණ පවතින බවයි.

කෙසේ වෙතත් රෝහල්ගත කළ සිසුවියන් අතරින් පිරිසක් ඊයේ (14) දිනයේදී වෙන්නප්පුව ප්‍රදේශයේ පැවති වොලිබෝල් තරඟයක් සඳහාද සහභාගී වී තිබේ.

Exit mobile version