සමාජ මාධ්‍ය ජාලා ක්‍රියාකාරී සුදන්ත තිලකසිරිට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැදවීමක් කර තිබෙන බවට සමාජ මාධ්‍ය ජාලා වල පුවතක් සංසරණය වේ. එහි සදහන් වන්නේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරන විමර්ශනයකට අදාළව සිදුකරන බව කියන පරීක්ෂණයකට ප්‍රකාශයක් ලබා ගැනීමට බවයි .
එම ලිපියේ සදහන් වන ආකාරයට අද (13) දින පෙ. ව. 9.30ට ඒ සඳහා සුදන්ත තිලකසිරි මහතාට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ, සමාජ මාධ්‍ය ඒකකයේ ස්ථානාධිපතිවරයා විසිනි.
පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දැක්වූ කලාකරුවන් යොදාගනිමින් ‘අසිරිමත් මිනිසා’ ප්රචාරක වීඩියෝව නිර්මාණය කරන ලද්දේද මොහු විසින් වුවද මේ වන විට දැඩිව ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස ඔහු කටයුතු කරයි.
අප මේ පිලිබදව විමසීම සදහා ඒ මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කලද දුරකතනය සංඥා සහිත ප්‍රදේශයකින් බැහැරව තිබුණි. කෙසේ වුවද වෙනත් ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබුනේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුල පෙනී සිටීම සදහා මේ මස 15 වැනි දින දක්වා කාලය ඉල්ලා ඇති බවත් ඒ අනුව එදිනට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව තුල පෙනී සිටීමට නියමිත බවයි. එසේම ඔහු කැදවා ඇති කාරණාව කුමක්ද යන්න ඔහු නොදන්නා බවද ආරංචිමාර්ග සදහන් කරයි.
රාවණා සටහන
ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව යම් පැමිණිල්ලක් මත හෝ අපරාධමය තොරතුරක් මත ඕනෑම පුද්ගලයෙකු ගෙන්වා ප්‍රශ්න කිරීම හෝ විවිධ හේතු මත ඔහු හෝ ඇය පදිංචිව සිටින තැනට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අවශ්‍ය බලය පොලිසිය සතුව තිබේ. ජනාධිපතිවරයාගෙන් පමණක් ප්‍රශ්න කිරීමට ඇති හැකියාවක් නොමැති නමුත් ජනාධිපතිධුරයෙන් පරිභාහිරව යමක් සිදුකර තිබෙන්නේ නම් පමණක් එසේ කල හැකිය. ජනාධිපතිවරයා පැය 24 ම ජනාධිපති බැවින් එවැනි අවස්තාවක් හමු විය නොහැකිය. විනිශ්චය කටයුතුවලින් බැහැරව සිදු කරන කටයුතුවලට එරෙහිව අධිකරණ විනිසුරුවරුන්ගෙන් වුවද ප්‍රකාශ ලබා ගැනීමට සහ නඩු පැවරිය හැකිය. ඒ සදහා නීතිමය ප්‍රතිපාදන තිබේ.
කුමන තරාතිරමකට අයත් වුවද , සාක්ෂි නීතියෙන් ඔප්පුකරගනීමට හැකි වරදක් අනාවරණය නොවන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්දව නඩු පැවරිය නොහැක. පොලිස් නිලධාරියෙක් අන්තනෝමතික ලෙස යමෙකු අත් අඩංගුවට ගත්තේ නම් එම නිලදාරියාට විරුද්ධව මූලික අයිතිවාසිකම් , ඔහුගෙන් අලාබයක් ඉල්ලා, සේම රීට් ආඥාවක්ද ලෙස නඩු පැවරිය හැකිය. එසේ අන්තනෝමතික ලෙස අත් අඩංගුවට ගැනීමක් සිදු වුවහොත් මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරීම මසක් ඇතුළතද, අලාභය ඉල්ලා පවරන නඩුවක් මාස තුනක් ඇතුලද පැවරිය හැකිය. රීට් වර්ගයේ නඩුකර සදහා නිශ්චිත කාලයක් නොමැති වුවද ඉතා ඉක්මනින් කටයුතු කිරීම වඩාත් යෝග්‍ය වේ. එසේම තමන්ට සිදු වන අකටයුතුකම් පිලිබදව පාර්ලිමේන්තු මහජන පෙත්සම් කාරක සභාවටද පැමිණිලි කල හැකිය. එය තමන්ගේ චන්දයෙන් තෝරාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හරහා සිදු කල යුතුය.