සුද්දගෙන් ලැබුණ පුරාවිද්‍යා වස්තුවත් අතුරුදන් වන තුරු නිදා සිටින පුරාවිද්‍යාව.

මහනුවර ප්‍රධාන දුමිරිය ස්ථානයේ ප්‍රධාන  ගොඩනැගිල්ලේ ඉදිරිපස ජනතාවට වේලාව දැන ගැනිම සදහා සුදු ජාතිකයින් විසින් සවිකර තිබු ඔරලෝසුව දැනට වසර කිපයක සිට අතුරුදන්වි තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසුවේ එම ඔරලෝසුව කොළඔ පිහිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ අලුත්වැඩියා කරන අංශයට යැවු බවයි .
පසුව ඒ සම්බන්දයෙන් අලුත් වැඩියා කිරිමේ අංශයෙන් ව්මසු පසු ඔවුන් පැවසුවේ ඒ වගේ ඔරලොසුවක් ඔවුන් වෙත නොලැබි ඇති බවයි.

කෙසෙ වෙතත් වසර සිය ගනනක් පැවැති පුරාවිද්‍යා වටිනාකමක් ඇති මෙවැනි වටිනා වස්තුන් රැක ගැනිම බලධාරින්ගේ වගකිමකි.

පසුගියදා ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නොසැලකිල්ල හේතුවෙන් අපට තිබු වටිනා වස්තුවක් අහිමිව යන ලදී. තවමත් එම ශෛලමය ස්මාරකය පිළිබඳ තොරතුරු නොමැත.

මෙවැනි වටිනාකම කොපමණ දැයි මැනිය නොහැකි වස්තුන් කොපමණ නම් මෙරට විනාශ වී යනවාද.
නමුත් තවමත් මේ පුරාවිද්‍යා බලධාරීන් ඒ පිළිබඳ කිසිදු තැකීමක් නොකරයි.

Exit mobile version