මහා මයා දේවියගේ සහ සුද්ධෝදන මහා රජ තුමන්ගේ අවසාන මිනිස් භවය මෙන්ම ගෞතම බුද්ධ රාජ්‍ය බිහි කරන, මහා ලෝකෝත්තර උත්පත්තිය සලකුණු කරන, මහා මව් තුමන් හෝ මහා පියතුමන්ලා වන්නේ තමන් බව ඔවුන්ගේ තුරුණු වියේදී, හෝ විවාහයෙන් පසුව හෝ මොහොතක්වත් සිතන්නට නැතුව ඇති. කාලය, දීපය, දේශය, කුලය සහ මව යන පස් මහා බැලුම් බලා, ඒ මහා උත්පත්තිය සනිහිටුහන් කරන්නට, බෝසතානෝ තුසිත දෙව් ලොවෙන් මිනිස් ලොව මව් කුස සොයාගෙන එන්නේ මහා ඉපදීම සදහා මනු ලොව සියලු වට පිටාවන් සැකසෙමින් තිබියදීය.
ලෝකාරක්ෂක දෙවිවරුන් සිව් දෙනෙකු විසින් හිමෙන් වැසුණු හිමාලයේ කදු පාමුලට මායා බිසොවුන් ඔසවාගෙන ගියේ ලස්සන යහනක හොවාගෙනය. අහෝ බලන්, මනරම් දසුන් මවමින්, සුදු ඇත් පැටවා, නෙළුම් මල් රැගෙන බිසොවුන්ගේ යහන වටා තුන් වරක් ගොස් මයා බිසොවුන්ගේ උදරයේ දකුණු පැත්තෙන් ඇගේ ගර්භාෂයට ඇතුළු විය. ඒ මහා පුරුෂයෙකුගේ අවසන් ඉපදීම වෙනුවෙන්, මනු ලොව සංසාරගත මව් තොමෝ සොයා පැමිණි මනරම් සිහිනය දකිමින්ම මායා බිසෝ තොමෝ සිහිනයෙන් අවදී විය.
අවට පරිසරය ප්‍රීති ගෝසා නගමින්, ඇසල මලින් ලොවම සුගන්ධවත් කරන හිමිදිරි උදෑසන, ලොවම පහන් කල මහා පොහොය දිනය අද වන දිනයක් විය. ඇසල සදේ සිසිලසින් ලොවම එලිය කරමින් ඒ මහා පිළිසිද ගැනීම සිදු වුයේ අද වන් ඇසල පොහොය දිනයකදීය. ඇසල පුන් පොහෝ දිනයේ උදෑසනම මේ පණිවිඩය , සුදොවුන් මහා රජ වෙත මහා මායා බිසෝ තොමෝ සැලකර සිටියහ. ඒ මහා බෝසතානන්ගේ පිය තුමාණන් ඉවෙන් මෙන් , මහා පුරුෂයෙකුගේ ඉපදීමක් බව වටහා ගත්තේ , සංසාරගත පුරුද්දටම වන්නට ඇත. ඒ සුබ ආරංචිය, ඔවුන් දෙපලටම පමණක් නොව බෞද්ධ දින දර්ශනයේ අතිශයින්ම වැදගත් පොහොය දිනයක් බවට පත් විය. ඒ මහා ශ්‍රේෂ්ඨ ඉපදීමෙහි ලකුණක් බව සුදොවුන් රජු දැන නොසිටියත්, ශ්‍රේෂ්ඨ මිනිසෙකුගේ ඉපදීමක් බව නම් එතුමාට වැටහී තිබුණි.
අවුරුදු 20ක් පුරා දරුවන් නොමැතිව සිටි මේ දෙපලට මෙම සිදු වීම ප්‍රීතිමත් පුවතක් වූ අතර රජ මැදුරේ සියලු දෙනාම ප්‍රීතියෙන් පිනා ගියේය.
වෙසක් පොහොය දිනයෙහි උපන් මේ බෝසත් කුමාරයා, ඉපදී, අහෝ දින හතකි. තම මව් තොමෝ මෙලොව හැර ගියෝය. ඉන් අනතුරුව කුමරුට මව් වුයේ මහා මයා දේවියගේ සහෝදරිය වූ මහා ප්‍රජාපති ගෝතමීය විසිනි. මරණයෙන් පසු, මහා දේවිය තව්තිසා දෙව් ලොව උපත ලැබීය. රැකබලා ගනු ලැබුවේ ඔහුගේ දෙදරු මව වන මහ ප්‍රජාපතී ගෝතමි මහමයා රැජිනගේ සහෝදරිය විසිනි. මරණයෙන් පසු මහමායා රැජින තව්තිසා දෙව් ලොව උපත ලැබීය’
සුඛෝපභෝගී ජීවිතයක් ගත කල කුමාරයා, ජීවිතය අනිත්‍ය නොහොත් විනාශ වන බවද, මෙය දුක් වේදනා වලින් පිරිපුන් බවද, තරුණ වියේදීම තේරුම් ගෙන තිබුණි. මේ දුක් , වේදනා පිළිබද ගැටළු විසදීමට මාර්ගයක් සොයා ගත යුඋතු බවට ඔහු නිරන්තරයෙන්ම අධිෂ්ඨාන කරගෙන තිබුනේ, මේ දුක් , වේදනා වලට ඖෂධ රැගෙන මනු ලොවට පැමිණි , මහා යුග පුරුෂයා තමන් බව නොදැන විය යුතුය. සියලු ලෝ දනන්ගේ මෝක්ෂ මාර්ගය සොයා , මේ මහා පුරුෂයා සියලු රජ සැප අත් හැර ගිහි ගෙයට සමු දෙන්නේ අවුරුදු 29 දිය. මේ මහා සියලු සැප සම්පත් ප්‍රතික්ෂේප කරමින්, මහා අභිනිෂ්ක්‍රමණය සිදු වන්නේද, අද වන උතුම් ඇසල පුන් පොහොය දිනයකදීය.
සත් අවුරුද්දකින් පසුව, වෙසක් පුණු පොහෝ දිනයකදී, ඒ මහා ප්‍රාඥ්යා මෙලොවට පහල වන්නේ , සියලු දුකින් මිදීමේ මාර්ගය සොයාගෙන අප ගැන අනුකම්පාවෙනි.
ප්‍රථමව තම ගුරුවරුන් වූ, කොන්ඩඤ්ඤ, වප්ප, භද්දිය, මහානාම සහ අස්සජි යන පස් වග තවුසන් වෙත දහම් දෙසීම සදහා උන් වහන්සී, බරණැස ඉසිපතන මුවන් උධ්‍යානයට වඩින්නේ ප්‍රථම දම් දෙසුම වෙනුවෙනි. උන් වහන්සේගේ ප්‍රථම දම් දෙසුම වන ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව පස් වග මහනුනේ උදෙසා, ලෝක සත්වයාට අනුකම්පාවෙන් දේශනා කර වදාරන ලදී. මෙම දේශනාව සත්‍යයේ රෝදය ලෙසද හදුන්වන්යි.
සත්‍යයේ රෝදය නොහොත් ධම්මචක්කපවත්තන සූත්‍ර දේශනාව තුල , උතුම් සත්‍යන් හතර සමග උතුම් අට ගුණය දෙසා වදාරන ලදී.
හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී ජවහර්ලාල් නේරු විසින් රචිත “ඩිස්කවරි ඔෆ් ඉන්ඩියා” නම් පොතේ බුදුරජාණන් වහන්සේ සිය පළමු දේශනය දේශනා කරන අයුරු සඳහන් කරයි. ඔහු පවසා ඇත්තේ , “ඔහු විසින් පටිගත කරන ලද සමහර වචන මීට වසර දෙදහස් පන්සියයකට පෙර දුරස්ථ දෝංකාරයක් මෙන් පැමිණෙනු ඇත.” ලෙසය.
පස් වග මහනුන් උතුම් අරහත්වයට පත් වූ අතර, ඇසල මාසය සමග ඇරෙඹන මහා වර්ෂා සහිත කාලය වස් කාලය ලෙස උන් වහන්සේ හදුන්වා දෙන ලද්දේද , මෙවැනිම වූ අසල පුණු පුහෝය දිනකදීය. එදවස , උන් වහන්සේ පස් වග රහතන් වහන්සේලා සමගම වස් කාලය ගත කලේ, ශාසන ඉතිහාසය අරඹමින් , ලෝ දනන්ගේ මෝක්ෂ මාර්ගය ලොවට දායාද කරමිනි. වස් සාමය තුල භික්ෂූන් වහන්සේලා නිශ්චිත ස්ථානයක වාසය කරන අතර , එම කාලය තුල පිණ්ඩපාත චාරිකාවෙහි නොයෙදෙති. බෞද්ධ ගිහියන් වැසි සමයේදී භික්ෂූන් වහන්සේලාට ආහාර, සිවුරු සහ වෙනත් අවශ්‍යතා සපයමින් ආමිෂ සහ ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙති. ලෝකෝත්තර බුදු පියාණන් වහන්සේට අනුව, මෙකල භික්ෂූන් වහන්සේලා “විදර්ශනා භාවනාවෙහි” යෙදෙමින් ගිහියන්ට කුසල් පුරවා ගැනීමෙහි කොටස් කරැවන් විය යුතුය.
බුදු දහමෙහි ඉගැන්වෙන අභිධර්මය ඉගැන්වීම සදහා තුසිත දෙව් ලොවට වදිමින් මාතෘ දිව්‍ය රාජ්‍යා ප්‍රමුඛ වෙනත් දිව්‍ය පුත්‍රයන් වෙනුවෙන් ධර්මය දේශනා කරන්නේද, බුදුන් වහන්සේ තම ප්‍රාතිහාර්යමය බලය උපයෝගී කරගන්නේ ද අද වැනි පුන් පුර පෝය දිනකදීය.
ඒ මහා බුදු සිළුව, නිවී යන්නේ අහස පොලව කම්පා කරමිනි. අහෝ ඒ මහා රත්නය අපට දුකින් මිදීමේ මාර්ගය ලබා දෙමින් නිවී ගියේය. බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසකට පසු, රජගහනුවර සතිපට්ටන ගුහාවේදී, අජාසත්ත රජතුමාගේ පූර්ණ අනුග්‍රහය යටතේ ප්‍රථම ධර්ම සංගායනය පැවැත්වෙන්නේද අද වන් ඇසල පොහොය දිනකදීය. පූජ්‍ය මහා කස්සප මහා රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සීල 500 නමකගේ සහබාගීත්වයෙන් එය පවත්වා තිබේ.
ගිහි කල තම පුතු වූ රාහුල කුමරු උපන් දිනයේදීම , ගිහි ගෙය අත හැර යන සිදුහත් කුමරු, තම පුතුන් සාසනයට ඇතුලත් කරගන්නේද අද වැනි ඇසල පුන් පොහොය දිනකදීමය.
දුටු ගැමුණු රජු සමයේ ඉදි වූ මහා ථූපය නොහොත්, රුවන් වැලි මහා ස්ථූප වහන්සේ ගොඩ නැගීම සදහා අත්තිවාරම දැමීමද, ධාතු තැන්පත් කිරීමද සිදු වූ බව ඉතිහාය සදහන් කරයි.
මහනුවර ඇසල පෙරහැර ඇරෙඹන්නේද ඇසල පොහොය දිනකදී බැවින්, ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් සියලුම දෙනාට අද දින සුවිශෙශී දිනයක් වන අතර, අභිනික්මනයෙන් පසු, ලෝ දනන්ගේ හිත සුව පිණිසම , අපට අනුකම්පාවෙන් දුකින් මිදීමේ මාර්ගය පැහැදිලි කරමින්, දිවා රාත්‍රී නොබලා , අප වෙනුවෙන්ම වෙහෙසුණු , ඒ මහා අචාර්ය වරයා අපට කියා දුන් මග ගොස් ඒ අමා මහා නිර්වාන සම්පත්තිය ලබා ගැනීමට අප සියලු දෙනාම එක්ව සිතට ගනිමු.
ක්‍රෝධය, වෛරය, ඊර්ෂ්‍යාව සහ තරහව වෙනුවට , එම ගිනි වලින් තම කය තුලින් නැගෙන වේදනාවේ ගිනි පුපුරුවලට තිත තබමින්, තන්හා, ආශා පොදී බදිමින් අවශානයක් නොදකින ජීවන සටනට තිත තබමින්, සැහැල්ලු මනසකින් තම දිවි මග ඒකාලෝක කරගනිමින් පංචශීල ප්‍රතිපත්තිය සමගින් අපගේ දිවි මග අලුත් කරගන්නටද හිතට ගමු.
ශ්‍රී නිශ්ශංක මායාදුන්න