දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීම අද (25) සිට.
මාස 06ක් පමණ කාලයක් දිවයිනේ සියලුම පාසල් මෙම කොවිඩ් – 19 වසංගත තත්ත්වය හේතුවෙන් වසාදැමුණු අතර අදියර කිහිපයක් යටතේ නැවත පාසල් ආරම්භ කිරිම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
ඒ අනුව පසුගිය 21 වනදා ළමුන් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යයන කටයතු ආරම්භ කළ අතර, දෙවන අදියර වශයෙන් අද දිනයේ දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කරනු ලබයි.
නිසි මාර්ගෝපදේශයන්ට යටත්ව මෙලෙස අධ්‍යයන කටයුතු ආරම්භ කරන අතර සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සඳහා වැඩි සිසුන් ප්‍රමාණයක් සිටින පන්ති කණ්ඩායම්වලට බෙදා සිසුන් ගෙන්වීමට කටයුතු කර ඇත.
එමෙන් අද දිනයේ ළමුන්ට නිල ඇඳුම අනිවාර්යය නොවන අතර පාසලට සුදුසු ඇඳුමකින් සැරසී පැමිණෙන ලෙසත්, සපත්තු පැළඳීමද අනිවාර්යය නොවන බව ද අධ්‍යාපන අමාත්‍යංශය විසින් සඳහන් කර ඇත.