සුදු ලූණු, ගස්ලබු ,ගොරකා,මඤ්ඤොක්කා පිටරටින් ආනයනය කරලා !

ඊයේ (23 වැනිදා) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ මෙරටදී වගා කළ හැකි කිරිඅල ඇතුළු දේශීය අල වර්ග සහ එළවළු වර්ග ආනයනය කර ඇත්දැයි සොයා බලා වහාම වාර්තාවක් ලබාදෙන ලෙසයි.

වාර්තා වන ආකාරයට ශ්‍රී ලංකාවේ වැවෙන කිරිඅල ඇතුළු එළවළු වර්ග කීපයක් ආනයනය කිරීම සඳහා ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 295ක් වැයකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ පසුගියදා පාර්ලිමේන්තුවේදී සඳහන් කර තිබේ.

සුදු ලූනු, අල, කජු, ගොරකා, තක්කාලි, ගස්ලබු කොමඩු, කිරි අල, මඤ්ඤොක්කා, අන්නාසි සහ මෑකරල් ආදිය මෙලෙස ආනයනය කර ඇතැයි මන්ත්‍රිවරයා එහිදී අනාවරණය කර තිබේ.

Exit mobile version