ලංකා සතොසට රැගෙන ආ සුදු ලූනු කන්ටේනර් 02ක් කොළඹ වරායෙන් නීතිවිරෝධී ලෙස මුදාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සතොසෙහි සේවය කළ නිලධාරීන් සිව් දෙනෙකුගේ සේවය අත්හිටුවා ඇති බවට වාර්තාවෙයි.
නීතිවිරෝධී ලෙස කොළඹ වරායෙන් මුදාගෙන තිබූ කන්ටේනර දෙකෙහි සුදු ලූනු කිලෝ 54,000ක් පමණ තිබූ බවට සඳහන් ය.
එලෙස මුදා ගත් මෙම කන්ටේනර් දෙක කෙරවලපිටියෙන් සොයාගෙන ඇත.