සුදේව, රංගන ඇතුළු 20 ක් ස්වර්ණවාහිනියෙන් එළියට. මූල්‍යමය චෝදනාත් ඒ අතර- කිංස්ලි රට හැර යයි.

ශ්‍රී ලංකාවේ “ජනමාධ්‍ය” වලට “ජඩ මාධ්‍ය” ලෙස ආමන්ත්‍රණය කිරීමට එරට ජනයා කටයුතු කර තිබුනේ සමහර මාධ්‍යවේදීන්ගේ හැසිරීම සහ මාධ්‍ය ආයතනවලද හැසිරීම් සැබෑ මාධ්‍යකරණයෙන් ඉවත් වී ඕනෑම ජඩ වැඩක් කරමින් මුදල් සෙවීමේ කටයුත්තේ නිරත වීම නිසාය. කෙසේ වෙතත් එය ඔවුන්ගේම වරදක් නොවුනත් ජනමාධ්‍යවලින් ජනතාවගේ ප්‍රශ්නවලට පිළිතුරුලබා දීම වෙනුවෙන් කල යුතු කටයුතු තවමත් සිදුනොවන අතර ජනතාව නිරන්තරයෙන්ම ක්‍රියාවලියේ වෙනසක් ඉල්ලන්නේ එම නිසාය.

රට තුල සිදුවන වංචා, දූෂණ, පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ ආරක්ෂක අංශ නිලධාරින් සියල්ලම රැකෙමින් තව දුරටත් දූෂිත රාජ්‍යක ක්‍රියාකාරකම් සිදුවන්නේ මාධ්‍යකරණය මුදලාලි වීම නිසාය.

රටේ තිබුණු වටිනාම මාධ්‍ය ආයතනයක් වන ස්වර්ණවාහිනී ආයතනය අර්බුධයකට ලක්වන්නේ බොහෝ කාලයක සිටය. ඒ එහි තිබු යම් යම් පරිපාලන දූෂනයන් නිසාය. කෙසේ වෙතත් මේ වන විට එම ආයතනය කෙලින් කිරීමේ කටයුත්ත අධ්‍යක්ෂක මණ්ඩලය සිදුකරගෙන යන බව ආරංචි මාර්ග සදහන් කරයි. එසේම එහි සමහර ප්‍රධානින් විසින් ලක්ෂ ගනනින් මූල්‍ය වංචා සිදුකර තිබෙන බවද වාර්තා වේ.

එම හේතුවෙන් ස්වර්ණවාහිනියේ හිත ඉල්ලන තරු මෙන්ම උදෑසන පත්තරේ කියවන රංගනද ඉවත් කිරීමට තීරණය කර තිබෙන බවද, හිටපු ජනාධිපති මාධ්‍ය ප්‍රධානියෙකු වන සුදේව සමග 20 දෙනෙකු පමණ ඉවත් කිරීමට කටයුතුකරමින් තිබෙන බව වාර්තා වේ. ඒ අතරේ ශ්‍රී ලංකාවේ මාධ්‍යකරණය වෙනස් කරමින් අවිචාරවත් සමාජයක් බිහිකරමින් සිංහල භාෂාව විකෘති කිරීමේ  මුල් අඩිතාලම දැමු දක්ෂ නිවේදකයෙකු වූ කිංස්ලි රත්නායක මහතාද විදේශගත වී තිබෙන බව නිල නොලත් ආරංචි මාර්ග සඳහන් කරයි..

මිනිසුන් ලෙස සිතිය යුතු බොහෝ දේ තිබේ. ප්‍රථමව තම මව් බිමය. එය සුරකීමේ ප්‍රධානතම වගකීම තිබෙන්නේ මාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවෙදීන්ටය. ඒවා ජඩ වීමෙන් අවසානයේ ඔවුන් වෙනුවට විකල්ප බිහිවන අතර ඔවුන් කල විනාශයට පරපුරක් වන්දි ගෙවයි. පරපුරේ ශාපය ඔවුන්ගේ මරණයෙන් පසුද තවත් ආත්ම ගණනාවක් පුරා ලැබෙනු ඇත.  

Exit mobile version