සුනඛයෙක් නිසා පුද්ගලයෙක් මරයි.

යාබද නිවසේ සුනඛයකු බිරීමේ සිද්ධියක් දුරදිග යාමෙන් ඇතිවූ ආරවුලකින් පොලු ප්‍රහාරයට ලක්වූ පුද්ගලයකු කරාපිටිය රෝහලේදී අද (04 ) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තෙලිකඩ ගෝනාපීනුවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකි.

මරණකරු පසුගිය 29 වැනිදා නිවසට යන අවස්ථාවේ යාබද නිවසේ සුනඛයන් දෙදෙනකු සපා කෑමට බුරාගෙන පැමිණ ඇති අතර එහිදී සුනඛයන් දෙදෙනාට මරණකරු පොල්ලකින් පහරදී ඇත.

මේ අවස්ථාවේදී සුනඛයන්ගේ අයිතිකරු හා ඔහුගේ සහෝදරයකු පැමිණ සුනඛයන්ට පහරදුන් පුද්ගලයාට පහරදී ඇති අතර එම අවස්ථාවේ එල්ල වූ පොලු ප්‍රහාරයකින් බරපතළ තුවාල ලබා එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.

මෙලෙස රෝහල්ගත කළ පුද්ගලයා මියගොස් ඇති අතර මෙම ඝාතනයට අදාළව එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

Exit mobile version