සුනඛයෙකු ගිනි ගොඩට දමා මරා දැමූ මිනිස් වෙස් ගත් තිරිසනුන්.

පිරිසක් අතර ඇති වූ ආරවුලක් දුර දිග යාමෙන් අලුබෝමුල්ල , මහබෙල්ලන , කොස්කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තබා එම නිවසේ සිටි සුනඛයා ද ගිනි ගොඩට දමා සුනඛයා ඝාතනය කළ බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන පුද්ගලයින් දෙදෙනා පියා සහ පුත්‍රයා ත්‍රීරෝද රථ රියදුරන් වන අතර පිය සහ පුතු අතරින් පුත්‍රයා ගිනි තබා විනාශ කළ නිවසේ තරුණිය සමග විවාහ වී සිට ඇති අතර වසරකට පමණ ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් මොවුන් දෙදෙනා වෙන්ව ඇති බව වාර්තා වෙයි.එමෙන්ම මේ වන විට මොවුන් දෙදෙනාගේ දික්කසාද නඩුවක් විභාග වෙමින් පවතින බව කියයි.

මෙම සැකකරුවන් දෙදෙනා පිරිසක් තමන්ට පහර දුන්නා යැයි පවසා ඊයේ (20) පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර අධිකරණ වෛද්‍ය පෝරමයක් රැගෙන රෝහල් ගත වන බව පවසා පිටව ගොස් මෙම නිවසට ගිනි තබා පසුව ඔවුන් දෙදෙනා රෝහල් ගත වී ඇති බව වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධ පිය සහ පුතු පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියයි.

මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අලුබෝමුල්ල පොලීසිය වැඩි දුර විමර්ශන කටයුතු සිදු කර බව කියයි.

Exit mobile version