කාන්තාවක් විසින් සුනඛ පැටවුන් දෙදෙනෙකු මෝටර් රථයකට හිතාමතා යට කර ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් පෙබරවාරි 18 වන දින මතුරට පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී පෙබරවාරි 20 වන දින සිද්ධියට අදාළ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත .
මෙම සැකකාර කාන්තාව 27 හැවිරිදි මතුරට – ඇහැලගස්තැන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් ඇයව දැනුවත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 20 වන දා උදෑසන එම කාන්තාව ඇගේ සැමියා සමග පොලිස් ස්ථානයට පැමිණ ඇත.පොලීසිය විසින් සැකකාරියගෙන් ප්‍රකාශ සටහනක් ගෙන ඇති අතර සත්ත්ව හිංසන පනත යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව කියයි.
සැකකාරිය 20 වන දින වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇය වරද පිළිගන්නා බවත් වරද පිළිබදව පසුතැවිලි වන බවත් අධිකරණයට පැවසීමෙන් අනතුරුව අධිකරණය විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකාර කාන්තාව මුදා හැර ඇති අතර ජුනි පළමුවනද මෙම නඩුව නැවත අධිකරණයට කැදවීමට නියමිත බව කියයි.