ශ්රී ලංකා කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන ක්රීඩකයකු වන දුෂ්මන්ත චමීර හට මෙවර ආසියානු කුසලාන තරගාවලියට සහභාගී වීම අහිමි වී ඇති බව වාර්තාවේ.
එයට හේතුව ලෙස පෙන්වාදී ඇත්තේ ඔහු ආබාධයකට ලක්වීම බවයි සදහන් වන්නේ.
දුෂ්මන්ත චමීර මෙවර ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය අතරතුරද උරහිසේ ආබාධයකට ලක් වූ අතර එම තරගාවලියේදී ඔහු ක්රීඩා කරනු ලැබුවේ තරග 4ක් පමණි.
එහිදී ඇතිවූ ආබාධය හේතුවෙන් චමීර හට එළැඹෙන ආසියානු කුසලාන ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි සදහන් වන්නේ.
මෙවර ආසියානු කුසලාන තරගාවලියට නම් කර සිටි දුෂ්මන්ත චමීර වෙනුවට කසුන් රාජිත ශ්රී ලංකා සංචිතයට කැඳවා ඇති බවද වාර්තා වේ.