සුපිරි 12ට තේරීපත් ශ්‍රී ලංකා පිළේ තරඟ කාලසටහන.

ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයට පැමිණ සුපිරි 12 දෙනා වටයට පිවිසීමත් සමග එම වටයේ තරඟ පවත්වනු ලබන දින පිළිබඳව මේ වන විට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

සුපිරි 12 දෙනාගේ වටයට ශ්‍රී ලංකා පිළ පිවිසෙන්නේ පළමු කාණ්ඩය යටතේ  වන අතර සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරඟය 23 වන ඉරිදා දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

එදින තරඟාවලියේ ශ්‍රී ලංකා පිළේ ප්‍රතිවාදී කණ්ඩයම වන්නේ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථාන හිමිකරගන්නා කණ්ඩායම බව සඳහන් වේ.

එම තරඟය Hobart ක්‍රීඩාංගනයේ දී පෙරවරු 09.30ට ආරම්භවීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව දෙවන තරඟය එළඹෙන 25 වනදා ඕස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත අතර එම තරඟය Perth පස්වරු 4.30ට ආර්ම්භ වීමට නියමිතව ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත සුපිරි 12 දෙනාගේ වටයේ මීළඟ තරඟය Sydney ක්‍රීඩාංගනයේ දී පස්වරු 1.30ට පැවැත්වීමට නියමිත අතර එම තරඟය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිය.

නොවැම්බර් 01 වනදා ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය Brisbane හිදී පැවැත්වීමට නියමිත අතර ඒ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ය.

මේ අතර නොවැම්බර් මස 05 වනදා ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරඟය එංගලන්ත කණ්ඩයම සමග පැවැත්වීමට නියමිතව ඇති අතර එය Sydney ක්‍රීඩාංගණයේදී පස්වරු 1.30 ට ආරම්භ වීමට නියමිතව ඇත.

එමෙන්ම මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරඟය නොවැම්බර් මස 09 වනදා පැවැත්වීමට නියමිත අතර දෙවන අවසන් පූර්ව තරඟය නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතව ඇත.

20යි 20 ලෝක කුසලාන අවසන් මහා තරඟය නොවැම්බර් මස 13 වන ඉරිදා පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතව ඇත.

Exit mobile version