නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබු භාන්ඩ හා මගී ප්රවාහන දුම්රියක් වටවල හා රොසැල්ල දුම්රිය ස්ථාන අතර 09වන දින සවස පිහිලි පැනිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවි ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නාවලපිටිය දුම්රිය පාලන ස්ථානයේ නිලධාරියකු පවසන ලද්දේ 09වන දින සවස නාවලපිටියේ සිට නානුඔය දක්වා ධාවනය වෙමින් තිබු අංක 1159 දරණ මගී හා භාන්ඩ ප්රවාහන දුම්රිය වටවල හා රෝසැල්ල අතර පිහිලි පැනිමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවි ඇති බවත්ය.
මෙසේ පිහිලි පැනිමට ලක්වු දුම්රිය යලි පිහිලි ගත කිරිම සදහා නාවලපිටිය දුම්රිය ස්ථානයේ කාර්මික අංශයේ නිලධාරින් පියවර ගන්මින් සිටින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.