සුමන්දිරන්ගේ පෙත්සමට නීතිපතිගෙන් විරෝධතා .

මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්දිරන් ගොනුකොට ඇති පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මෙම දැනුම්දීම සිදුකළේ අදාළ පනතට එරෙහිව ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය.

මෙම පෙත්සම අද සලකාබැලීම සඳහා ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ බව සදහන්.

Exit mobile version