76 වන නිදහස් දින සැමරුම වෙනුවෙන් දිවයින පුරා සුරාසැල් පෙබරවාරි මස 4 වන දින වසා තැබීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පෙබරවාරි මස 3 වන දින සුරාසල් වැසිය යුතු වේලාවේ සිට පෙබරවාරි 5 වන සඳුදා විවෘත කළ යුතු වේලාව දක්වා සියලුම සුරාසල් වසා තැබීමට කටයුතු කළ යුතු බවයි.