බදු පරිපාලනය වැඩිදියුණු කිරීමට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුව සම්බන්ධ යෝජනා කිහිපයක් 2024 අයවැය යෝජනා හරහා ඉදිරිපත් කර තිබේ.
වාර්තා වන ආකාරයට එමගින් මත්පැන් කර්මාන්තයේ විනයානුකූලභාවය පවත්වාගෙන යාම සඳහා නම්‍යශීලී විවෘත කිරීමේ වේලාවන් හඳුන්වාදීමට යෝජනා කර තිබෙන බවත් සුරාසැල් නොමැති ප්‍රදේශ ඇති කරමින් සුරාසැල් අතාර්කික ලෙස පැතිර පැවතීමේ ගැටලුවට පිළියම් යෙදීමේ අරමුණ ඇතිව ඇතැම් බලපත්‍ර සඳහා වන උපරිම සීමාවන් සංශෝධනය කරන බවත් සදහන් වේ.
මේ අතර ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය යෝජනා අතර තෝරාගත් දේශීයව නිෂ්පාදිත මත්පැන් බදු නිදහස් සාප්පුවල අලෙවි කිරීමට ඉඩ සැලසීම ද ඇතුළත් වේ.
බලපත්‍ර සඳහා වර්තමානයේ පවතින ඉල්ලුමට අනුරූපීව යන පදනම මත සුරාබදු බලපත්‍ර ගාස්තු ඉහළ නැංවීමද එම යෝජනාවලට ඇතුළත් වන බව තවදුරටත් වාර්තා වේ.