සුවිශේෂි ආයතන රැසක් සමඟින් අලුත් ඇමතිකමක්

අද (10) සිට ස්ථාපිත කෙරුණු තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධූරයට මෙතෙක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවති ආයතන සහ බලතල හා කාර්යය රැසක් පවරා තිබෙනවා.

තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ආයතන 15 ක් ගැසට් කර තිබේ.

  1. පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව
  2. ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
  3. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂණ් සභාව සහ අනුබද්ධිත ආයතන
  4. තොරතුරු හා සන්න්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හා ඊට අනුබද්ධිත ආයතන
  5. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය
  6. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම්
  7. කලම්බු ලෝටස් ටවර් මැනේජ්මන්ට් කම්පැණි ප්‍රයිවට් ලිමිටඩ්
  8. ටෙක්නෝපාක් ඩිවලොප්මන්ට් ප්‍රයිවට් ලිමිටඩ්,
  9. තොරතුරු තාක්ෂණ උද්‍යාන (යාපනය සහ මන්නාරම)
  10. කාර්මික තාක්ෂණ ආයතන,
  11. ශ්‍රී ලංකා ඉන්ස්ට්ටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්.
  12. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතතය,
  13. ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය
  14. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
  15. කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව

මේ අතර කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය ලෙස ද නව අමාත්‍යාංශයක් ස්ථාපිත කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව – සමාජ ආරක්ෂණ මණ්ඩලය ඇතුලූ ආයතන 15 ක් එම අමාත්‍යංශය යටතට පත් කර තිබෙනවා.

Exit mobile version