සුව නින්දයි . තෙල් සුවඳයි . බඩු මිල රඟ දෙයි සුරඟන ලෝකේ.

භාරිභෝගික ජනතාවගේ ඉන්ධන පරිහරණය අඩු කිරීම සදහා තෙල් මිල වැඩිකරන ලෙස මහා භාණ්ඩාගාරය විසින් මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර  තිබුණි. එම ඉල්ලීම සහ මිල ගණන් අප ඊයේම වාර්තා කරන ලදී.  ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ හරියටම රාත්‍රී 12.00 පසු වන විටම ඉන්ධන මිල වැඩි කර ලද මාධ්‍ය නිවේධනය නිකුත් කර තිබුණි.

ඒ අනුව නව සංශෝධිත ඉන්ධන මිල පහත දැක්වේ.

රුපියල් 157 ට තිබු  පෙට්‍රල්  92 (ඔක්ටේන්) රුපියල් 177 දක්වා රුපියල් 20 කින්ද,

රුපියල් 184 ට තිබු පෙට්‍රල් 95 (ඔක්ටේන්) රුපියල් 207 දක්වා රුපියල් 23 කින්ද,

රුපියල් 111 ට තිබුණු ඔටෝ ඩීසල් රුපියල් 121 දක්වා රුපියල් 10 කින්ද,

රුපියල් 144 ට තිබු සුපර් ඩීසල් රුපියල් 159 දක්වා රුපියල් 15 කින්ද,

රුපියල් 77 ට තිබු භූමි තෙල් රුපියල් 87 දක්වා රුපියල් 10 කින්ද ලෙස මිළ වැඩි  වැඩි කර තිබේ.

මේ මිල වැඩි වීමත් සමගම අනෙකුත් පාරිභෝගික භාණ්ඩ වල මිල තව දුරටත් ඉහල යනු ඇති බවට විශ්ෂඥයන් අනතුරු හඟවයි. මෙසේ සියලුම දේ දිනෙන් දින ඉගල යාම පාලනය කර සාමාන්‍ය තත්වයට පත් නොකළහොත් ජනතාව අතර පීඩනය වැඩි වන අතර සමාජය තුල  විවිධ ගැටුම් ඇති වීමටද ඉඩ තිබේ.

මේ වන විටත් විවිධ ක්ෂේත්‍ර වල රැකියා කල  විශාල පිරිසකට තම රැකියා ඇත හැර දැමීමට සිදුව තිබේ. විශේෂයෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා කල කම්කරු සහ ඉංජිනේරුවරුන් විශාල ප්‍රමාණයකට රැකියා අහිමි වෙමින් තිබේ. ලක්ෂ 2 ,3 වැටුප් ලැබූවන් මේ වන විට රුපියල් 50000 වැනි අඩු මුදලට රැකියා සිදු කරන තත්වයට පත්ව තිබේ.

පොහොර ගැටලුව හේතුවෙන් ගොවි ජනතාවටද , ගොවිතැන් වලට සම්බන්ධව කුලී වැඩ කරන ජනතාවටද එම රැකියාවන් අහිමි වෙමින් තිබේ. එසේම තේ වතු ආශ්‍රිතව රැකියාව  කරන සිංහල සහ දමිළ  ජනතාවටද දිනකට රුපියල් 200 ක් සොයාගැනීමට නොහැකි තත්වයන් උදා වී තිබේ. ඒ පොහොර ගැටලුව නිසාය. පොහොර නොමැතිව තේ දළු ලියලීම අඩු වේ. වතු තිබේ. නමුත් දළු විශාල වශයෙන් අඩු වී තිබේ. එහෙත් එය අලුතින් කප්පාදු කර තිබෙන වතුවලට ගැටළුවක් ඇති වී නැත.

මේ භාණ්ඩ මිල ඉහල යාම නිසා ව්‍යාපාරද බිද වැටෙනු ඇත. ජනතාව තිබෙන අයුරින් ජීවත් වීමට හුරු වනු ඇත. එවිට ව්‍යාපාරද , ඒවායෙහි සේවකයන්ටද රැකියා අහිමි වීමට ඉඩ කඩ ඇත. මේවාට ඉක්මන් විසදුම් නොලැබුණහොත් ජනතාව කුමන තීරණයක් ගනීවිද?, සොර සතුරන් වැඩි වෙයිද?, කුස ගින්නේ මිනිසුන් මිය යාවිද? යන්න, ආදී ප්‍රශ්න දෙස සහ ඒවාට විසදුම් සෙවිය යුතුය.

කෙසේ වුවද ජනතාව විසින්ම නිර්මාණය කර ගත් මෙම ක්‍රමයන් වලට ජනතාවම මුහුණ දෙමින් සිටිති.  අවුරුදු ගණනාවක් පුරා තමන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම ( තම පක්ෂය ජයග්‍රහණයෙන් පසුව තමන්ට කොන්ත්‍රාත් ගැනීමට, තමන්ට හෝ තමන්ගේ දුවට පුතාට, ඥාති දුවට පුතාට ආණ්ඩුවේ  රැකියාවක් ලබා ගැනීම, ගස් වැල් ඇතුළු පරිසරය විනාශ කිරීම, ඒවාට අනුබල දීම, පැරැණි වෙහෙර විහාර විනාශ කිරීම, තමන් අදහන ආගම අත් හැරීම, ආදී) වෙනුවෙන් තම වටිනා ඡන්දය ලබා දීම, තම දේශපාලන නායකයන් ලවා එම පටු අරමුණු ඉටු කරගැනීමේ ප්‍රතිපලාය අද ජනතාවම විදිමින් සිටිති. මැතිවරණ වලදී පවා අපරාධකරුවන් ඉහලින්ම ඔසවා තැබීමටත්, සාධාරණ මිනිසුන් ගෙදර යැවීමටත් කටයුතු කලේ මේ ශ්‍රී ලාංකික ඡන්දායකයන්මය. දක්ෂයා හෝ අදක්ෂයා තෝරාගැනීමට මිනිසුන්ට අවශ්‍ය නැතිනම් එහි ප්‍රතිපලය සොබා දහම මගින් ජනතාවටම ලැබෙයි. එසේ නොමැතිව කුමන රජයක් පැවතියද එම රජයට හෝ එහි මැති ඇමතිවරුන්ට බැන වැදීමෙන් පලක් නොවේ. තම ක්‍රියාවේ ප්‍රතිපලය ජනතාවටම ලැබේ.   

Exit mobile version