සෞඛ්‍ය සේවකයන් හෙට (19) සහ අනිද්දා (20) යළි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කිරීමට තීර ණය කර ඇති බවට සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සඳහන් කරයි.
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආර්ථික යුක්තිය ඉටුකිරීමට අදාළව සකස් කළ තාක්ෂණික වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මාර්තු 05 වැනිදා මුදල් අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව සදහන් .
පසුගිය සති දෙකක කාලයේදී ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් සිදුකළ යුතු කටයුතු සඳහා මුදල් අමාත්‍යංශයට සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට කල් ලබා දුන් අතර, සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය එම කාල සීමාවේදී වර්ජන සිදු කිරීමෙන් වැළැකිණි.
එසේ වුවද මේ වන විට මෙම වාර්තාවට අදාළ අනුමැතිය ලබාදීම දිනෙන් දින ප්‍රමාද වන බව පෙනී යන බැවින් පසුගිය 14 වැනිදා රැස්වූ සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නායකයන් 19 වැනිදා සහ 20 වැනිදා නැවත වෘත්තිය ක්‍රියාමාර්ගයේ නිරතවීමට ඒකමතිකව තීරණය කර තිබේ.
අද (18 වැනිදා) සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නායකයන් නැවත රැස්වීමට නියමිත බව සදහන්.
19 වැනිදායින් පසු සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය සහ ඉන් ඉදිරියට කරගෙන යනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් එහිදී තීරණය කෙරෙනු ඇතැයි එම වෘත්තිය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.